සති කිහිපයකින් ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කළ හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

සති කිහිපයකින් ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කළ හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

මෙම එන්නත ලබා දීමේ සැලසුම පෙබරවාරි මැද භාගය දක්වා ඉදිරියට​ ගෙන ආ බව ඔහු අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය​. එන්නත ලබා දීම සඳහා මුලින්ම චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය සහ සැපයුම්කරුවන් විසින් එන්නත ලබා දීම අවශ්‍ය වේ.

මොරිසන් පැවසුවේ එන්නත ලබා දීමේ සැලසුම අදියර පහකින් සිදුවන බවයි.

සෑම සතියකම 80,000 කට පමණ පිරිසකට මෙම එන්නත ලැබෙනු ඇත. මාර්තු අග වන විට මාත්‍රාවන් මිලියන 4 ක් දක්වා නිකුත් කෙරේ.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවේ අනුමත කරන ලද පළමු එන්නත ෆයිසර් එන්නත විය හැකි අතර පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත වන බවයි.

එන්නත් කරන ලද පළමු කණ්ඩායමට නිරෝධායන හා දේශසීමා නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත හා ආබාධිත සත්කාර පුද්ගලයින් ඇතුළත් වේ. වයස අවුරුදු 55 ට වැඩි වයස්ගත ඕස්ට්‍රේලියානුවන් සහ ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් හටද ඉක්මනින් එන්නත ලබා දීමට කටයුතු සලසනු ඇති.

මෙම කොරෝනා එන්නත ලබා දීමේ සැලැස්ම පිළිබඳ සාරාංශය පහත Powerpoint සටහන් මඟින් දැක්වේ.

(AUSGOV)

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »