වික්ටෝරියානු ප්‍රාන්තයේ අද දින නව කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තා වෙද්දී වෙනස් වන නීති මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අද දින නව කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තා වෙද්දී වෙනස් වන නීති මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුත් අවුරුදු කොරෝනා නීති සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් තිදෙනෙකුට අමතරව අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇත​.

ආපසු පැමිණි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සංචාරකයෙකු දෙසැම්බර් 21 වන දින Smile Buffalo Thai අවන්හලට පැමිණ ඇති බව තහවුරු වී ඇති බව වැඩබලන අගමැති Jactina Allan අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

අද(31/12) සවස 5 සිට මෙල්බර්න් හි ජනතාවට තම නිවෙස්වල අමුත්තන් 30 සිට 15 දක්වා අඩු කර ඇත​. මෙම​ සීමාවට වයස මාස 12 ට අඩු ළමයින් ඇතුලත් නොවේ.

මේ අතර ගෘහස්ථ පරිශ්‍රයන් හි මුහුණු ආවරණ අනිවාර්‍ය කෙරේ. මේ අනුව​, රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවසෙන් බැහැර වෙන විට තම මුහුණු ආවරණ අනිවාර්‍යෙන් රැගෙන යන ලෙසයි.

(ABCNews)

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »