ඔබත් විදෙස් සංචාරයන් පිළිබඳ ව සිහින දකිමින් සිටීද​? එසේනම්, අනාගතයේදී ඔබට එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් (Vaccine passport) අවශ්‍ය වනු ඇත.

ඔබත් විදෙස් සංචාරයන් පිළිබඳ ව සිහින දකිමින් සිටීද​? එසේනම්, අනාගතයේදී ඔබට එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් (Vaccine passport) අනාගතයේදී අවශ්‍ය වනු ඇත.

කොරෝනා එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ලෝකයේ වෙනත් රටවල පටන් ගෙන ඇති බැවින්, බොහෝ දෙනෙකු නැවත ජාත්‍යන්තර සංචාරයන් ආරම්හ කිරීම පිළිබඳ සිහින දකිමින් සිටී.

නමුත් එය සිදු කිරීම සඳහා, කොරෝනා එන්නත ලබා ගැනීමට අමතරව ඔබට අනාගතයේදී එන්නත් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතක් (vaccine passport application) පිරවීමට සිදු විය හැක​.

තාක්‍ෂණ සමාගම් සහ කණ්ඩායම් කිහිපයක් විසින්පුද්ගලයන්ට ඔවුන්ගේ COVID-19 පරීක්ෂණ සහ එන්නත් පිළිබඳ තොරතුරු ගබඩා කිරීම සඳහා ස්මාර්ට්ෆෝන් යෙදුම් හෝ කිසියම් තාක්‍ෂණික ක්‍රමවේදයක් නිර්මාණය කරමින් සිටින බව සඳහන් වේ. එමඟින් පුද්ගලයින් හට ප්‍රසංග වේදිකා, ක්‍රීඩාංගණ, සිනමාහල් සහ කාර්යාලවලට ඇතුළු වීමේ දී මෙය භාවිතා කර තම අනන්‍යතාවය තහවුරු කර ගත හැකි වේ.

COVID-19 පරීක්ෂණ ප්‍රතිඵ​ල හෝ රෝහලකින් හෝ වෛද්‍ය වෘත්තිකයෙකු විසින් කොරෝනා එන්නත් ලබා ගත් බවට​ සාක්ෂි වැනි වෛද්‍ය දත්ත ඇතුලත් කිරීම සඳහා මෙම යෙදුම උපකාරී වේ.

මෙලෙස ඔබ සියලුම දත්ත ඇතුලත් කර පසු ඊට අදාල ව සෞඛ්‍ය සහතිකයක් හෝ QR කේතයක් හරහා ජනනය වන බලපත්‍රයක් ලබා දෙනු ඇත.

තවද​ ඔබ විදේශයන් හි සංචාරය කරන විට​ ඔබගේ ගමන් විස්තරය මත පදනම්ව පිටත්වීමේ සහ පැමිණීමේ ස්ථානවල සෞඛ්‍යය අවශ්‍යතා ලැයිස්තුවක් එම යෙදුම විසින් ඔබට ලබා දෙනු ඇත​.

“ඔබ දේශ සීමාවක් පසු කරන සෑම අවස්ථාවකම කොරෝනා පරීක්‍ෂාවකට යොමු වීමට සිදුවනු ඇති. නමුත් ඔබ දේශ සීමාවක් පසු කරන සෑම අවස්ථාවකදීම ඔබට කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රායෝගික නැත​.” යැයි Commons Project හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී Thomas Crampton පැවසීය.

කොරෝනා  එන්නත ලබා ගත් බවට සාක්ෂි ලෙස සාමාන්‍යයෙන් නිකුත් කරන ලද කඩදාසි ලේඛනයට වඩා ඉතා සරල හා පහසුවෙන් භාවිත කළ හැකි මෙම යෙදුම හරහා  “ඩිජිටල් කාඩ්පතක් (Digital Yellow Card)” අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

(7News)

 

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »