පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියාව ලකුණු තුන්සියයක් ඉදිරියෙන්

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව ලකුණු තුන්සියයක් ඉදිරියෙන් රැඳී සිටින්නේ.

පළමු ඉනිමේදි ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 487 ට පිළිතුරු වශයෙන් පාකිස්ථානය ලබා ගත්තේ ලකුණු දෙසිය හැත්තෑ එකක් පමණයි.

ආරම්භක පිතිකරු  උල්හක් ලකුණු හැට දෙකක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය ලෙසයි එය සටහන් වන්නේ.

පාකිස්ථාන පිතිකරුවන් තුන්දෙනෙකු  ලකුණු 66 කට දවා ගනිමින් නේදන් ලයන් ටෙස්ට් කඩුලු 499 තෙක් ලඟා වී තිබෙනවා.

ලකුණු දෙසිය දහසයක් ඉදිරියෙන් සිටියද දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවී යාම හේතුවෙන්.

දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 2 කට ලකුණු 84 ක් ලබා සිටිනවා. 

ඒ අනුව පාකිස්ථානයට වඩා ඔස්ට්‍රේලියාව සිටින්නේ ලකුණු තුන්සියයක් ඉදිරියෙන්. අද තරගයේ හතරවන දිනය.

 

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »