ලබන වසර වෙනුවෙන් නව සැලසුම් රැසක් – අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්

ලබන වසර වෙනුවෙන් නව සැලසුම් රැසක් ක්‍රියාවට නංවන බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කරන්නේ. එහිදී ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි රජය අවධානය යොමු කරන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ ආර්ථිකය බිඳවැටී ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ද වැඩි වී තිබෙන අතර එය ඔස්ට්‍රේලියා ජනතාවට අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒ හේතුවෙන් ජීවන වියදම අඩු කිරීම සඳහා නව සැලසුම් රැසක් ක්‍රියාවට නැංවීමටයි රජය අපේක්ෂා කරන්නේ. ඔහු පෙන්වා දුන්නේ දැනටමත් ජීවන වියදම අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් රජය ගෙන ඇති බවයි.

නිවාස සහ කුඩා ව්‍යාපාරවල විදුලි බිල අඩු කිරීමට පියවර ගත් බව සහ එය නිවාස හා ව්‍යාපාර මිලියන පහකට පමන බලපෑ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. මීට පෙර රජයන් වලට සාපේක්ෂව රැකියා අවස්ථා රැසක් රජය යටතේ නිර්මාණය කරන ලද බව ද අවධාරණය කෙරෙනවා.

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමද ලබන වසරේ ප්‍රමුඛ කාර්යයක් වන අතර ඔස්ට්‍රේලියාව මූලික කරගත් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමටත් අවධානය යොමුවන බව සඳහන්. කාලගුණ විපර්යාස කෙරෙහිද  රජය අවධානය යොමු කරන අතර ඉදිරියේදී ඇතිවන අභියෝගවලට සුදුසුතම ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන ලද විනාඩි කිහිපයක ප්‍රකාශය අවසානයේ ඔස්ට්‍රේලියා ජනතාවට ප්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරක් ද අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »