මෙල්බන්හි ධනවත් මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ නිවසේ කුලියට සිටි අයට අදහගත නොහැකි ත්‍යාගයක්!

මෙල්බන්හි ධනවත් මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ නිවසේ කුලියට සිටි අයට අදහගත නොහැකි ත්‍යාගයක්!

මෙල්බර්න් හි ධනවත් මිනිසෙකු වූ John Perrett ඩොලර් මිලියන 18 කට ආසන්න සිය මුළු ධනයම Royal Melbourne රෝහලට භාර දී ඇති අතර ඔහුගේ නිවසේ ජීවත් ව සිටි කුලී නිවැසියන්ගේ ජීවිත ද වෙනස් කර තිබේ.

දශක තුනකට පමණ පෙර John Perrettට​ වකුගඩු බද්ධ කිරීමක් සිදු කර ඇති අතර එය ඔහුගේ ආයු කාලය දීර්ඝ​ කළ නමුත් ඔහු සැප්තැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත විය.

මෙම කෝටිපති පුද්ගලයා සිය කෘතඥතාව පළ කිරීම සඳහා වාර්තාගත ලෙස ඩොලර් මිලියන 17.5 ක් Royal Melbourne රෝහලට පරිත්‍යාග කළේය.

ඔහුගේ පරිත්‍යාගය නිසැකවම වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට ඉදිරි වසර කිහිපය තුළ ඔවුන්ගේ ජීවිතවලට උපකාර කරනු ඇත.

නමුත් ඔහු විසින් කරන ලද පරිත්‍යාග වලින් වාසි හිමි වූයේ එම රෝහලට පමණක් නොවේ.

ඔහු මිය ගිය පසු ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් පරිදි ජේන් හට ඔහුගේ එක් නිවසක් අයිති විය​​. 73 හැවිරිදි ජේන් වසර 23 ක් Perrettගේ ගේ නිවසේ එක් ඒකකයක කුලියට ජීවත් වුණි.  Perrett එය ඔහුගේ අභිමතය පරිදි ඇයට ලබා දුන් අතර තවත් දේපලක් වෙනත් කුලී නිවැසියෙකුට ලබා දුන්නේය.

Perrett 1959 දී ඔහුගේ දෙමව්පියන් විසින් ඉදිකරන ලද නිදන කාමර තුනක St Albans හි පිහිටි නිවසක ජීවත් වීමට තීරණය කළේය. එය මීට පෙර දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1.7 කට අලෙවි වූ අතර එම මුදල් ද පුණ්‍ය කටයුතු සඳහා යොමු කර ඇත​.

ඔහු මියයන විට ඔහුට​ පවුලක් නොතිබුන අතර ඔහු තමා වෙනුවෙන් මුදල් වියදම් කළේ කලාතුරකිනි.

(7News)

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »