අද දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා රෝගීන් ගණන 8ක් ලෙස වාර්තා වෙද්දී පැනවූ නව කොරෝනා නීති පිළිබඳ සාරංශය මෙන්න​.

අද දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා රෝගීන් ගණන 8ක් ලෙස වාර්තා වෙද්දී පැනවූ නව කොරෝනා නීති පිළිබඳ සාරංශය මෙන්න​.

අද දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා රෝගීන් ගණන 8ක් වාර්තා වූ අතර එයින් 7ක්ම උතුරු වෙරළ තීරයේ කොරෝනා පොකුර හා සම්බන්ධ වේ.

අද දින නිව් සවුත් වේල්ස් රජය විසින්පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පහත දක්වා ඇති කොරෝනා නීති පැනවූයේ දෙසැම්බර් 24, 25 සහ 26 යන දින සඳහා පමණක් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරය:

කලාපය දැන් දෙකට බෙදා ඇත. ඒවානම් උතුරු හා දකුණු ප්‍රදේශ යි.

Narrabeen Bridge ට උතුරින් සහ Mona Valeහි Baha’i කෝවිලට නැගෙනහිරින් ජීවත් වන ඕනෑම අයෙක් උතුරු ප්‍රදේශයට ඇතුලත් වේ. උතුරු කලාපයේ සිටින අයට එම ප්‍රදේශයෙන් ඉවත්විය නොහැකි අතර ඔවුන් තවමත් lockdown තත්වයේ පවතී. කෙසේ වෙතත්, කලාපය තුළ සිටින පුද්ගලයින් හට​ 24, 25 සහ 26 යන දිනවල එක් නිවසකට පුද්ගලයින් 5 දෙනෙකු දක්වා රැස් වීමට අවසර ලැබේ.

දකුණු ප්‍රදේශයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ සෙසු පළාත් පාලන ප්‍රදේශ ඇතුළත් වේ. දකුණු කලාපයේ සිටින අයට 24, 25 සහ 26 යන දිනවල පුද්ගලයින් 10 දෙනෙකු තම නිවසේ රැස් වීමට අවසර දෙනු ලැබේ. කෙසේ වෙතත්, ඔවුන්ට ප්‍රදේශයෙන් ඉවත් විය නොහැකි අතර, ඕනෑම අමුත්තෙකු ” එම​ කලාපයෙන් හෝ සිඩ්නි නුවර අනෙකුත් ප්‍රදේශවලින්” විය යුතුය.

සිඩ්නි නුවර (Greater Sydney):

සිඩ්නි හි පදිංචිකරුවන්ට තම නිවෙස්වල උපරිම පුද්ගලයින් 10 දෙනෙකු ගෙන්වා ගැනීමට හැකි වන අතර වයස අවුරුදු 12 ට අඩු ළමුන් මේ ගණන සඳහා ඇතුලත් නොවේ. තවද මේ නීතියට ක්‍රියාත්මක වන්නේ එළඹෙන දින තුන සඳහා පමණි.

නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian පවසන්නේ කලාපීය ප්‍රදේශයන් සහ සිඩ්නි නුවර අතර සංචාරයන් සීමා නොකරන බවයි.

කලාපීය නිව් සවුත් වේල්ස් ප්‍රදේශයන් හි නීති වල වෙනසක් සිදු නොවේ.

(ABCNews)

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »