ස්වයං හුදකලා නොවී නීති කඩ කල දකුණු ඇමරිකාවේ ගුවන් සේවකයින්ට නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් දඩ නියම කරයි!

ස්වයං හුදකලා නොවී නීති කඩ කල දකුණු ඇමරිකාවේ ගුවන් සේවකයින්ට නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් දඩ නියම කරයි!

මෙම මාසය මුලදී සිඩ්නි නුවරට පියාසර කළ ජාත්‍යන්තර ගුවන් සේවකයෙකුට ස්වයං හුදකලා නියෝග උල්ලංඝ​නය කිරීම සම්බන්ධයෙන් NSW පොලීසිය විසින් දඩ නියම කර තිබේ.

NSW අගමැති Gladys Berejiklian අඟහරුවාදා සිට ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩලයට දින 14 ක් අනිවාර්ය හෝටල් නිරෝධායනයකට භාජනය කරන බව නිවේදනය කර තිබේ.

දෙසැම්බර් 5 වන සෙනසුරාදා දකුණු ඇමරිකාවේ සිට ඕස්ට්‍රේලියානුවන් ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් යානයකින් සිඩ්නි නුවරට ගොඩබසින ලද ගුවන් සේවකයින් 13 දෙනාට දඩ නියම කර ඇති බවට සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් NSW පොලිසිය විසින් 13 දෙනාට ඩොලර් 1,000 බැගින් දඩ මුදල් නිකුත් කර ඇති බව තහවුරු කර තිබේ.

වර්තමානයේදී, ජාත්‍යන්තර ගුවන් සේවකයින්ට නිවසකට හෝ වෙනත් නවාතැන්පලකට NSW වෙත පැමිණි පසු ස්වයං හුදකලා වීමට හැකි වේ.

ඉදිරියේදී ගුවන් සේවකයින් නිරෝධායනය කිරීම සඳහා සිඩ්නි නුවර පොලිසිය විසින් මෙහෙයවනු ලබන හෝටල් දෙකක් ඇති බව Berejiklian නිවේදනය කළාය.

(ABCNews)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »