ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට – ලෝක කුසලානයේ Semi Final කාලසටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

එහි පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය එළඹෙන 15 වනදා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ලබන 16 වනදා කොල්කටා නුවරදීයි.

මේ අතර පකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) සිදු වුණා.

ඒ මෙවර එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව කඩුලූ 8කින් ජය ගත්තද, බංග්ලාදේශය, ශ්‍රී ලංකාවට වඩා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගැනීම හේතුවෙනුයි.

මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08 ට පත් වූ කණ්ඩායම් සියල්ල 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයකට සුදුසුකම් නොලැබූවේ ඉතිහාසයේ පළමු වරටවීම විශේෂත්වයක්.

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »