ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්
ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී