ශ්‍රී ලංකාවේ කෝවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට මාලදිවයිනේ දූපතක්!

ශ්‍රී ලංකාවේ කෝවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට මාලදිවයිනේ දූපතක්!

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දී කෝවිඩ්වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදාන කිරීමට මාලදිවයින රජය ඉදිරිපත් වී ඇති බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කරයි.

මුස්ලිම් කෝවිඩ් වින්දිතයින්ගේ ආදාහනය සිය ආගමික විශ්වාසයන්ට පටහැනි බවට මුස්ලිම් ප්‍රජාව චෝදනා කර සිටියි.

ඩේලි මිරර් පුවත්පතට අනුව මාලදිවයින රජය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ විදේශ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මාර්ගෝපදේශයක් සකස් කර එවැනි ඉල්ලීමක් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලන ලෙසයි.

මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත හේරත්, කෝවිඩ් වින්දිතයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට රට මුහුණ නොදෙන බව පැවසීය.

කෝවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය සඳහා එක් දූපතක් වෙන් කිරීමට මාලදිවයින් රජය යෝජනා කර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ක්‍රියාවලියක ප්‍රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

 

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »