දේශීය කොවිඩ් පැණි සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්!

දේශීය කොවිඩ් පැණි සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්!

කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ සහ ඉන්දික ජාගොඩගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමටයි ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇත්තේ.

කෑගල්ල ධම්මික බණ්ඩාර වෙදමහතාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරන අතර ඒ පිළිබඳව පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යොමු වී සිටිනවා.

මේ අතර ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන්න ලෙස මෙයට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  විසින් ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා.

(ColomboTimes)

 

 

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »