ගණූදෙනුකරුවන්ට අසත්‍ය පැවසීමේ චෝදනා මත ANZ බැංකුවට $ මිලියන 15 ක දඩයක්

ගණූදෙනුකරුවන්ට අසත්‍ය පැවසීමේ චෝදනා මත ANZ බැංකුවට ඩොලර් මිලියන 15 ක දඩයක් පණවා තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ්වල ඇති සැබෑ ශේෂයට වඩා වැඩි මුදලක් පවතින බව දක්වමින් ඉහළ සේවා ගාස්තු අයකල බවටයි සුරැකුම් සහ ආයෝජන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණේ.

2016 වසරේ මැයි මාසයේ සිට 2021 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙලෙස අයථා අන්දමින් සේවා ගාස්තු අයකරගෙන ඇති බවටයි ANZ බැංකුවට චෝදනා එල්ල වන්නේ.

ගිණුම් හිමියන් 185,000 කට පමණ ඔවුන් විසින් වැරදියට අය කර තිබූ ඩොලර් මිලියන 8.6 ක මුදලක් ආපසු ගෙවා තිබූ බවද අධිකරණයේදී අනාවරණය වුණා.

අනෙකුත් ගණුදෙනුකරුවන්ටද ඉදිරියේදී මුදල් ආපසු බැර කරන බවටත් ANZ බැංකුව විසින් අධිකරණයේදී පොරොන්දුවක් ලබාදෙනු ලැබුවා.

කෙසේවෙතත් අධිකරණය විසින් ANZ බැංකුවට දෝෂාරෝපණය කර ඇත්තේ මෙම සිදුවීම හඳුනාගෙන වසර කිහිපයක් ගතවී ඇතත් මෙතෙක් එය නිවැරදි කිරීමට පියවර ගෙන නොමැති බවටයි.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »