ප්‍රාන්ත 03 ක ලිස්ටීරියා ආසාධනවලට හේතුව කුකුල්මස් නිශ්පාදනයක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කින් හමුවූ ලිස්ටීරියා ආසාධනවලට හේතුව කුකුල්මස් ආශ්‍රිත නිශ්පාදනයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් – නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවලින් මේ වන විටත් රෝගීන් 9 ක් පමණ හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවන්හල් – කැෆෙ සහ රෝහල් විසින් භාවිත කරන කුකුල් මස් නිශ්පාදනයක මෙම ලිස්ටීරියා බැක්ටිරියා ප්‍රභේදය අඩංගුවී ඇති බවටයි සොයාගෙන ඇත්තේ.

අදාළ නිශ්පාදන මේ වන විටත් වෙළඳපල තුළ අලෙවි වන අතර එම නිශ්පාදන නැවත කැඳවීමටද පියවර ගෙන තිබෙනවා.

මේ අතර අදාළ නිශ්පාදන මිළදී නොගන්නා ලෙස රෝහල් සහ අවන්හල් වෙත මේ වන විට දන්වා තිබෙනවා.

උණ – හිසරදය – මාංශ පේශි කැක්කුම – ඔක්කාරය – වමනය – ගෙලෙහි වේදනාව ලිස්ටීරියා රෝගයේ ලක්ෂණ අතරට ඇතුලත්.

ආසාත්මිකතා සහිත නිෂ්පාදන අනුභව කර පැය 24 ක් යාමෙන් යම් රෝග ලක්ෂණ මතුවුවද රෝග ලක්ෂණ වඩාත් හොදින් වර්ධනය වීම සදහා මාස 02 ක් පමණ ගතවන බව සඳහන්.

ඉහත රෝග ලක්ෂණ සහිතව අසාත්මිකතා වර්ධනය වන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම 13 13 43 25 84 යන දුරකතන අංකය ඔස්සේ අදාළ උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »