වික්ටෝරියා ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි..

වික්ටෝරියා ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි..

අද දිනයේදී  වික්ටෝරියා ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං  වලට මුහුණ දීමට සිදු වනු  ඇතැයි අපේක්ෂා කරන අතර බලධාරීන් නිවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ එළිමහන් සැලසුම් ගැන නැවත සිතා බලන ලෙසයි. පැයට කිලෝමීටර 110 ක් දක්වා වේගයෙන් හමන සුළං සහිත උතුරු හා උතුරු-බටහිර සුළං හේතුවෙන් මෙල්බර්න් සහ ප්‍රධාන කලාපීය මධ්‍යස්ථාන ඇතුළු වික්ටෝරියා හි බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ එයින් හානියක් සිදු විය හැකි බව  පුරෝකථනය කර ඇත.

“ඛේදජනක ලෙස මේ වසරේ ගස් හා අතු කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව අපි දුටුවෙමු. එය නැවත සිදුවීම​ වළක්වා ගැනීමට අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමු” යැයි රජයේ හදිසි සේවා නියෝජ්‍ය ප්‍රධාන නිලධාරි ඇලිස්ටෙයාර් ඩ්‍රේටන් සිකුරාදා පැවසීය.

එළිමහන් ගෘහ භාණ්ඩ සුරක්ෂිත කිරීම සඳහා එළිමහන් භෝජනාගාර පිහිටුවන අයට ඔහු අනතුරු ඇඟවූයේ ඒවා තද සුළං නිසා  අනතුරුදායක විය හැකි බවට අනතුරු අඟවමිනි.

පිටත නම් ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගමන් කරන ලෙසත්, විදුලි රැහැන්,  වැටී ඇති ගස් වලින් ඉවත්ව ආරක්ෂාකාරීව සිටින ලෙසත් මතක් කරනු ලැබීය. කාලගුණ විද්‍යා කාර්යාංශයේ ඩයනා ඊඩි පැවසුවේ දැඩි කාලගුණය ප්‍රාන්තයේ බටහිර දෙසින් වර්ධනය වන බවත් දිවා කාලය පුරා නැගෙනහිර දෙසට ක්‍රමයෙන් ගමන් කරන බවත්ය.

(7News)

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »