ඩාර්වින් ආසන්නයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී අමෙරිකානු සෙබලුන් 03 කට තුවාල

ඩාර්වින් ආසන්නයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ටිවි දූපත ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණේ අමෙරිකාවට අයත් බෙල් බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙනුයි.

ඔස්ටේ්‍රලියානු සහ අමෙරිකානු හමුදා සෙබලුන් පිරිසක් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් සිදුකරමින් පවතින අවස්ථාවක මෙම අනතුර සිදුවී තිබුණා.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවටයි වාර්තා වන්නේ.

ඩාර්වින් සිට කිලෝමීටර් 60 ක් පමණ දුරින් පැවැත්වෙන මෙම හමුදා අභ්‍යාසයට හමුදා සෙබලුන් 2,500 කට වැඩි පිරිසක් සහභාගී වී සිටිනවා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »