වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් මගීන්ට හෙට සිට ගමන් මලු සඳහා tracking පහසුකම්

ගුවන් මගීන්ගේ ගමන් මලු සඳහා tracking පහසුකම ලබාදෙන පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සේවය බවට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය පත්වී තිබෙනවා.

ඒ අනුව හෙට සිට සිය අභ්‍යන්තර ගුවන් ගමන්වලින් 2/3 කට වැඩි සංඛ්‍යාවක ගමන් ගන්නා මගීන්ට නව ඇප්ලිකේෂනයක් හරහා මෙම පහසුකම ලබාගත හැකියි.

වසර 02 කට ආසන්න කාලයක් පුරා මෙම ක්‍රමවේදය සකස් කෙරුණු අතර පසුගිය මැයි මාසයේදී එය සාර්ථකව අත්හදා බලනු ලැබුවා.

කිසියම් මගියෙකු ගුවන් ගමනක් අවසානයේ ගුවන් තොටුපළකට පැමිණි විට සිය ගමන් මලු ආරක්ෂිතව පැමිණ ඇතිදැයි දුරකථනයට පණිවුඩයක් ලෙස ලබාදීම මෙහිදී සිදුවනවා.

ගුවන් මගී ගමන් මලු අස්ථානගත වීම මේ වනවිට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති අතර Apple Air tag උපාංග භාවිතයද මේ වනවිට ජනප්‍රිය වී තිබෙනවා.

නවසීලන්ත ගුවන් සේවයද මේ වනවිට ඊට සමාන තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ලබන අතර ක්වන්ටාස් ගුවන් සේවයද වසර අවසානයේ එවැනි ක්‍රමයක් හඳුන්වාදීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »