ඔස්ට්‍රේලියාවේදී දුන් හාදුව නිසා ස්පාඤ්ඤ පාපන්දු ලොක්කාට තහනමක්

පසුගිය ඉරිදා සිඩ්නි හිදී පැවැති කාන්තා ලෝක පාපන්දු කුසලානය ජයගැනීමෙන් පසු ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩිකාවකට හාදුවක් දීමේ චෝදනාවට එරට පාපන්දු සම්මේලන ප්‍රධානී ලුයිස් රුබියාලෙස් ට තහනමක් පණවා තිබෙනවා.

ෆීෆා හෙවත් ජගත් පාපන්දු සම්මේලනය විසින් පණවන ලද මෙම තහනම අනුව දින 90 ක කාලයක් යනතුරු පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිවකට සහභාගීවීමට ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ.

රුබියාලෙස් ට එරෙහිව විනය පරීක්ෂණයක්ද පැවැත්වෙන අතර එය අවසන්වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් අවසාන නිගමනයකට එළැඹීමට නියමිතයි.

ප්‍රසිද්ධියේ සිදුකල අදාළ ක්‍රියාවත් සමග ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ස්පා්ඤඤ රජය – පාපන්දු බළධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දිගින් දිගටම ඔහුට බලපෑම් එල්ලකලා.

කෙසේවෙතත් තමන් කිසිදු නීති කඩකිරීමක් කර නොමැති බවටයි ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන ප්‍රධානී ලුයිස් රුබියාලෙස් අවධාරණය කලේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »