ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළට ..

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළට ..

Social media usage on the rise in Sri Lanka ..

කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් සිය සමාජ මාධ්‍ය මෙවලම් වැඩියෙන් භාවිතා කිරීමට ඉහළ නැඹුරුවක් දක්වා ඇත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව සමීක්ෂණ වාර්තා දෙකක් මෑතක දී Facebook විසින් එළිදැක්වීය.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල් මෙවලම් භාවිතාව පිළිබඳව සමීක්ෂණයක් (Facebook – commissioned Digital Tools in Crisis and Recovery – Small and Medium Business) Deloitte විසින් සිදුකරන්නට යෙදිණි.

මෙම සමීක්ෂණයේ නියැදි ලෙස තෝරාගත් ව්‍යාපාර අයිතිකරුවන් සහ කළමනාකරුවන්ගෙන් ආසන්න වශයෙන් 37%ක් අවුරුදු 35ට අඩු අයවන අතර 32%ක් කාන්තාවන් වේ. එසේම තෝරාගත් පිරිසෙන් 4%ක් රැකියා විරහිත ව්‍යාවසායකයන් වේ.

සිය පාරිභෝගිකයන් සමඟ අන්තර් සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම වෙනුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 42%ක් තමන්ගේ සමාජ මාධ්‍ය ජාල භාවිතාව වර්ධනය කරගෙන තිබේ. ඒ අය අතරින් 93%ක් පෙරට වඩා Facebook වැඩියෙන් භාවිතා කළ බවත් 80%ක් WhatsApp භාවිතාව වැඩි කළ බවත් 29%ක් පෙරට වඩා Instagram වෙතට හැරුණු බවත් වාර්තා විය.

එසේම අලෙවිකරණ උපාය මාර්ග පවා වෙනස්වීමක් වාර්තා විය. 46%ක් තමන්ගේ භූගෝලීය වෙළඳපොල තුළට ආකර්ෂණය කරගත යුතු අපේක්ෂිත පාරිභෝගිකයන් වෙනුවෙන් මුදල් ගෙවා හෝ මුදල් නොගෙවා සිදුකරන ඔන්ලයින් අලෙවිකරණ උපායමාර්ගික ක්‍රියාවලිය වර්ධනය කරගෙන තිබේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »