Jobseeker දීමනා වැඩි කෙරෙන යෝජනා මෙම සතියේ පාර්ලිමේන්තුවට

පසුගිය මැයි මාසයට යෙදී තිබූ ෆෙඩරල් අයවැයෙන් යෝජනා කල සුබසාධක දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

මේ අනුව ළමුන් නොමැති තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට හිමිවන Jobseeker දීමනාව ඩොලර් 56 කින් ඉහළයාමට නියමිතයි.

ලබන සැප්තැම්බර් 20 වනදා සිට එය බලාත්මක කෙරෙන බවයි සමාජ සේවා ඇමතිනී ඇමැන්ඩා රිෂ්වර්ත් සඳහන් කලේ.

කෙසේවෙතත් ෆෙඩරල් විපක්ෂය පෙන්වා දෙන්නේ දීමනා වැඩි නොකර සුබසාධන දීමනා ලබන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කල යුතු බවයි.

එමගින් ඉදිරි වසර 04 තුළදී ඩොලර් බිලියන 2.9 ක මුදලක් ඉතිරි කරගත හැකි බවද ලිබරල් සන්ධානය පෙන්වා දෙනවා.

දැනට Jobseeker දීමනා ලබන සංඛ්‍යාව 808,000 ක් පමණ වන අතර ලිබරල් පක්ෂ යෝජනාව ක්‍රියාත්මක කලහොත් තවත් 50,000 කට පමණ එම දීමනාව ලබාගත හැකි වනු ඇති බවටත් මේ අතර මත පළවනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »