ජනවාරි 26 Australia Day සැමරුම්වලින් තවත් නාගරික කවුන්සිල 02 ක් ඉවතට

ජනවාරි 26 වනදා Australia Day සැමරුම් නොපැවැත්වීමට තවත් නාගරික කවුන්සිල 02 ක් ද තීරණය කර තිබෙනවා.

වික්ටෝරියා බෙන්ඩිගෝ නාගරික කවුන්සිලයේ ඊයේ රාත්‍රී පැවති රැස්වීමකදී එකග වී ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව ජනවාරි 25 වනදා පැවැත්වීමටයි.

ස්වදේශික ජනතාවට වැඩි අවස්ථාවක් හිමිවන ඉසව් කිහිපයක් ජනවාරි 26 වන දින පැවැත්වීමටද තීරණය වි තිබෙනවා.

මේ අතර ඇඩිලේඩ් හිල්ස් නාගරික කවුන්සිලයද පසුගිය අගහරුවාදා දිනයේදී තීරණය කර ඇත්තේ මින් ඉදිරියට ජනවාරි 26 වනදා Australia Day සැමරුම් නොපැවැත්වීමටයි.

මීට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ ජීලොංග් – මෙරිබෙක් – යාරා ඇතුලු නාගරික කවුන්සිල 04 ක්ද මේ වනවිට යෝජනා සම්මත කරගෙන ඇත්තේ Australia Day උත්සව ජනවාරි 26 වනදා නොපැවැත්වීමටයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »