ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වත්කම් නඩුවකට මැදිවෙයි

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන පතල් හිමි ව්‍යාපාරිකා ගීනා රයින්හාර්ට් ඇයගේ වත්කම් සම්බන්ධ අධිකරණ කටයුත්තකට මැදිවී තිබෙනවා.

ඩොලර් බිලියන ගණනක වත්කමක කොටස් ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ ඇයගේ වැඩිමහල් දරුවන් දෙදෙනා සහ ගීනා රයින්හාර්ට්ගේ පියා ගේ හිටපු ව්‍යාපාරික සහකරුවන් පිරිසක් විසිනුයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විභාගය ලබන නොවැම්බර් මාසය පමණ දක්වා පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

1992 වසරේදී පියාගේ මරණින් පසු ඔහුගේ ව්‍යාපාර ගීනා රයින්හාර්ට් වෙත පැවරුණු නමුත් අදාළ කොටස් බෙදාහැරීම නිසි ලෙස සිදුවී නොමැති බවයි මෙම නඩුකරයේ දක්වා ඇත්තේ.

ගීනා රයින්හාර්ට ගේ දළ වත්කම ඩොලර් බිලියන 36 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »