පොකිරිස්සන් ගැන බොරු කියූ වෙළඳසැල් ජාලයට දඩ

පාරිභෝගිකයන්ට අසත්‍ය තොරතුරු සැපයීමේ චෝදනා මත Costco Australia වෙළඳසැල් ජාලයට ඩොලර් 33,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඔවුන් විසින් අලෙවි කරන පොකිරිස්සන් (lobster) ඔස්ට්‍රේලියාවේ දී අල්ලන ලද බවටයි අදාල ලේබලවල සඳහන් වූයේ.

කෙසේවෙතත් එම පොකිරිස්සන් කැනඩාවෙන් ආනයනය කරනු ලැබ ඇති බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සිදුකල විමර්ශනයකදී තහවුරු කරගෙන තිබුණා.

එය නිවැරදි කරන ලෙස අවස්ථා 02 කදී සිදුකල අනතුරු ඇගවීම් නොසළකා හැරීමත් සමගයි මෙම දඩය පණවා ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කෙරෙන සකස් කල මුහුදු ආහාර කුමන රටක සිට ගෙන්වා ඇතිදැයි පාරිභෝගිකයන්ට දැනුම්දීම සුපිරි වෙළඳසැල් සඳහා බලාත්මක අනිවාර්ය නීතියක් වනවා.

මේ අනුව අදාළ මුහුදු ආහාර ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත හෝ වෙනත් රටක සිටක ආනයනය කරන ලද ඒවාද යන්න ආහාර දවටනවල පැහැදිලිව දැක්වීම අනිවාර්ය වනු ඇති.

දැනට මෙම නීතිය අනිවාර්ය වන්නේ සුපිරි වෙළඳසැල් සඳහා තුළ අලෙවි කරන මුහුදු ආහාර සඳහා පමණයි.

ඉදිරියේදී සියලූ අවන්හල් – කැෆේ සහ හෝටල් සඳහා ද එම නියමය පැණවීමටයි නියමිතව ඇත්තේ.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »