Casual සේවකයන්ටද ඔස්ට්‍රේලියාවේ PR දෙන්න යයි

Casual සේවකයන්ටද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මාර්ගයක් විවර කර දීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඊට අදාළ නව නීති සහ රෙගුලාසි මාලාවක් මෙම වසර අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කාර්මික සබඳතා අමාත්‍ය ටෝනි බර්ක් සඳහන් කලේ.

දැනට ස්ථිර රැකියාවක නිසි පැය ගණනක් සේවය කරන casual සේවකයන් පවා ඊට යටත් කිරීමටයි සේවා යෝජකයන්ට අවස්ථාව පවතින්නේ.

ඒ වෙනුවට casual සේවකයන් යනු කවුරුන්දැයි නිසි අර්ථකථනයක් හඳුන්වාදීමද මෙම නව යෝජිත නීති මාලාවට ඇතුළත් වනු ඇති.

casual සේවකයන් 850,000 කට පමණ මෙම තීරණය හරහා ස්ථිර පදිංචියට මාර්ගයක් උදාවනු ඇති බව කාර්මික සබඳතා අමාත්‍ය ටෝනි බර්ක් අනාවැකි පළකරනවා.

මෙය ශිෂ්‍ය වීසා මත සිටින casual පදනමින් සේවය කරන්නන්ට අදාළ නොවන බවද ඔහු අවධාරණය කර සිටිනවා.

casual පදනමින් එකම සේවා ස්ථානයක අඛණ්ඩව මාස 12 ක් සේවය කර ඇති පුද්ගලයන්ගේ සේවය අනිවාර්යයෙන් ස්ථිර කල යුතුය යන නව රෙගුලාසියක් බලාත්මක කිරීම කෙරෙහිද ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »