අද සිට ක්වන්ටාස් boarding ක්‍රමවේදයට ලොකු වෙනසක්

මගීන් ගුවන් යානයට පිවිසීම (boarding) කඩිනම් කිරීම සඳහා ක්වන්ටාස් ගුවන් සේවය විසින් අද සිට නව නියමු වැඩසටහනක් අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බහුතර ගුවන් යානා සංඛ්‍යාවක ඉදිරිපස පිවිසුම් දොරටුවට අමතරව පිටුපස ඇති දොරටුවෙන්ද මගීන්ට යානයට ඇතුලුවීමට අවස්ථාව හිමිවනු ඇති.

ගුවන් යානයේ පසුපස ආසනවල සිටින මගීන්ට පළමුවෙන් යානයට ඇතුලුවීමට අවසර දීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

කෙසේවෙතත් මැද කොටසේ සිටින මගීන් පළමුවෙන් අසුන් ගන්වා අනතුරුව ඉදිරිපස ආසනවල සිටින මගින් ඉදිරිපස දොරටුවෙන්ද පසුපස ආසනවල සිටින මගීන් පසුපස දොරටුවෙන්ද ගුවන් යානයට ඇතුලු කර ගැනීමටයි ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර ඇත්තේ.

සති 02 කට ආසන්න කාලයක් බ්‍රිස්බන් ගුවන් තොටුපළේදී මෙම අත්හදා බැලීම ක්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව ලබන ඔක්තෝබර් සිට සමස්ත රට පුරා එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

මේ හරහා ගුවන් ගමන් ප්‍රමාදය අවම කරගැනීමටත් මගීන්ට යානයට පිවිසීම සඳහා රැඳී සිටීමට සිදුවන කාලය අවම වනු ඇති බවත් ක්වන්ටාස් ගුවන් සමාගම සඳහන් කර සිටිනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »