ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සම්බන්ධ තීරණාත්මක සංඛ්‍යාලේඛණයක් ලබන බදාදා

ඔස්ට්‍රේලියාවේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සංඛ්‍යාලේඛණයක් ලබන බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනවා.

වසරේ දෙවන කාර්තුව හෙවත් ජූනි කාර්තුවට අදාල උද්ධමන නිල තොරතුරු එලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

කිසියම් අයුරකින් මිළ දර්ශක සියයට 01 ට වැඩි අගයකින් ඉහළ ගොස් තිබුණහොත් ලබන මාසයේදී නැවත වරක් පොළී අනුපාතික අගයන් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සාමාන්‍ය නිවාස ණයක් ගෙන ඇති ඔස්ට්‍රේලියානුවෙකු විසින් ගෙවන මාසික වාරිකයේ වැඩිවීම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනවිට ඩොලර් 1,264 කින් ඉහළ ගොස් ඇති බවට තක්සේරු කර තිබෙනවා.

වත්මන් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ ලබන සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යාමටද නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »