ඔස්ට්‍රේලියාව තුළ නිවාස කුළී පහළයාම ඇරඹෙන දිනය ගැන ඉගියක්

ඔස්ට්‍රේලියාව පුරා දැනට පවතින ඉහළ නිවාස කුළී ගාස්තු අගයන් පහළයාම ලබන වසරේ සිට ආරම්භ වනු ඇති බවට සුබවාදී බලාපොරොත්තුවක් පළවී තිබෙනවා.

පොළී අනුපාතික අගයන් ඉහළ යාම පාලනයට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පියවර ගැනීමත් උද්ධමනය නැවත යථා තත්වයට පත්වනු ඇති බවට වාර්තා පළවීමත් ඊට හේතුවයි.

ඉදිරි මාස කිහිපය තුළ මෙරට අගය සියයට 4.6 ක උපරිම අගයකට පැමිණ නැවත ක්‍රම ක්‍රමයෙන් අඩුවීම ආරම්භ වනු ඇති බවටයි ප්‍රධාන බැංකු සියල්ලම පාහේ මේ වනවිට අනාවැකි පළකර ඇත්තේ.

විරැකියාව අඩුවීමට පටන්ගෙන තිබීමද සුභවාදී ලක්ෂණයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී ගාස්තු ඉහළගොස් එම වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතුව ප්‍රමාණය ඉක්මවා විදෙස් සිසුන් ගෙන්වා ගැනීම බවට ස්වාධීන ආයතනයක් පසුගියදා චෝදනා කලා.

නිවාස ගැටලූව කඩිනමින් විසඳීමට පියවර නොගතහොත් 2028 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස 252,000 ක පමණ උග්‍ර හිගයක් නිර්මාණය වනු ඇති බවටයි මෙම වාර්තාව අනතුරු අගවා සිටියේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »