NAB බැංකු සේවකයන්ට වසර 03 කදී ඉහළ වැටුප් වැඩිවීමක්

NAB බැංකුවේ අවම වැටුප් ලබන සේවකයන්ට වසර 03 ක් තුළදී ඉහළ වැටුප් වැඩිවීමක් ලැබෙන නව එකගතා ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා.

සේවක වෘත්තීය සමිති සහ බැංකු පාලනාධිකාරිය අතර මාස 16 ක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි මෙම එකගතාවයට පැමිණ ඇත්තේ.

2026 වසර වනවිට සේවකයන්ට සියයට 17.5 ක වැටුප් වැඩිවීමක් මේ යටතේ හිමිවනු ඇති.

ඉහළම වැටුප් ලබන සේවකයන්ටද මේ යටතේ කිසියම් ප්‍රතිශතයකින් වැටුප් වැඩිවීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාව පුරා සිටින NAB බැංකු සේවකයන් සංඛ්‍යාව 32,000 කට අධිකයි.

එයින් සියයට 80 කට පමණ මෙම ගිවිසුම යටතේ වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »