ක්වීන්ස්ලන්ඩ් රියදුරු පරීක්ෂාවලදී කොකේන් හඳුනාගැනීමටද පහසුකම්

ක්වීන්ස්ලන්ඩ් මාර්ගවලදී සිදුකරන අහඹු රියදුරු පරීක්ෂාවලදී කොකේන් භාවිත කර රිය පදවන පුද්ගලයන් හඳුනාගැනීමටද පහසුකම් සළසා තිබෙනවා.

මෙතෙක් පහසුකම් පැවතුණේ අයිස් – හෙරොයින් – ගංජා වැනි මත්ද්‍රව්‍ය කිහිපයක් හඳුනාගැනීමට පමණයි.

පසුගිය වසර 05 තුළදී කොකේන් භාවිත කර රිය පැදවීමෙන් සිදුවූ රිය අනතුරු මරණවල ඉහළයාමක් සටහන්වීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය මෙම වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් හි රියදුරු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ආරම්භ කර දැනට වසර 15 ක් ගතවී ඇති අතර වසරකදී සිදුකරන අහඹු පරීක්ෂණ සංඛ්‍යාව 50,000 කට අධිකයි.

සෑම රියදුරන් 04 දෙනෙකුගෙන් අයෙකුම කුමන හෝ නීති විරෝධී මත්ද්‍රව්‍යයක් භාවිත කර රිය පදවන බවටද තහවුරු කරගෙන තිබෙනවා.

මෙම වරදට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී ඩොලර් 2,167 ක දඩයක් – රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ ඇතැම්විට සිර දඩුවමකට පවා යටත් කල හැකි වනවා.

පසුගිය වසරේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රිය අනතුරු මරණ අතුරින් 61 කට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් අනතුරුව රිය පැදවීමයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »