ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයන් 6,000 කගේ රැකියා අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යූහගතකරණය නොකළ හොත් එම සමාගමේ සේවකයන් 6,000 කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවයි ඔහු කියාසිටියේ.

එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතු සිදු කිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කලා.

එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ උපයන ලද රුපියල් මිලියන 30 ක ලාභය හැරුණුවිට කිසිදු ලාභයක් උපයාගැනීමට මෙතෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී නොමැති බවයි ඔහු අනාවරණය කලේ.

අද වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් ණය වී ඇතැයිද මෙහිදී අනාවරණය කෙරුණා.

එබැවින් රජය යටතේ 51% ක කොටස් තබාගෙන 49%ක කොටස් වෙනත් ආයෝජකයකුට ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »