ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට තවත් $ මිලියන 110 ක යුධමය ආධාර

යුක්රේනයට තවත් ඩොලර් මිලියන 110 ක යුධමය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඊට අමතරව සන්නද්ධ රථ 28 ක් ඇතුලු හමුදා වාහන 70 ක් ද ලබාදීමට ද නියමිත බව අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියාව විසින් දැනටමත් ඩොලර් මිලියන 650 ක වටිනාකමින් යුත් ආධාර යුක්රේනයට සපයා අවසන්.

අගමැති ඇල්බනීස් සඳහන් කලේ කාලතුවක්කු උණ්ඩ සහ ආහාර ඇතුලු මානුෂීය ආධාරද යුක්රේනයට ලබාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගන්නා බවයි.

පසුගිය සති අන්තයේ රුසියාවේ සිදුවූ හමුදා පෙරළිය මෙම තීරණයට හේතු නොවූ බවද අගමැති ඇල්බනීස් අවධාරණය කලා.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »