රුසියානු කුළී හමුදා ගමන නවතයි

සිය භටයින් ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ බවට රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් දී තිබෙනවා.

ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ එය දන්වා ඇති බව සඳහන්.

මීට මාස කිහිපයකට පෙර කුලී හමුදා ප්‍රධානියා සහ රුසියානු ආරක්ෂක බලධාරීන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණේ, රුසියානු හමුදා ප්‍රහාරවලින් කුලී හමුදා සාමාජිකයින් මියයෑමත් සමගයි.

ඒ අනුව රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ නගර 02 ක පාලනය තමන් යටතට ගත් බවයි වැග්නර් කුලී හමුදා ප්‍රධානියා ඊයේ පෙරවරුවේ නිවේදනය කලේ.

සිය රට විශාල පාවාදීමකට ගොදුරු වී ඇතැයි මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලා.

රුසියාවේ, මොස්කව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ත්‍රස්ත විරෝධී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණේද ඒ අනුවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »