නාසි සංකේත අන්තර්ජාලයෙන් ඉවත් කිරීම අපහසු බවට ප්‍රකාශයක්

නාසි සංකේත ප්‍රසිද්ධියෛ් ප්‍රදර්ශනය තහනම් කලද ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කිරීම අපහසු වනු ඇති බවට ෆෙඩරල් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අදහස් පළවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

දැනට යෝජනා වී ඇති නීති රෙගුලාසි සංශෝධනය අනුව සිතාමතා නාසි සංකේතයක් ප්‍රදර්ශනය කරන අයෙකුට ඩොලර් 27,500 ක දඩයක් සහ මාස 12 ක උපරිම සිර දඩුවමක් නියම කල හැකියි.

කෙසේවෙතත් අන්තර්ජාලය වැනි පුලුල් පරාසයක විහිදී පවතින වේදිකාවක නාසි සළකුණු ප්‍රදර්ශනය වළක්වාලීම අතිශය අසීරු කරුණක් බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවක්ද මේ වනවිට නාසි සංකේත ප්‍රදර්ශනය අත්හිටුවමින් විවිධ රෙගුලාසි පණවා තිබෙනවා.

පළමුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය එම පියවර ගත් අතර අනතුරුව නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – ACT – ටස්මේනියා සහ බටහිර ඔස්ට්‍රේලියාවද එවැනි දැඩි නීති පණවනු ලැබුවා.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීත් වර්ගවාදී කණ්ඩායමක් විසින් නාසි සංකේත ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »