වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවත් ප්‍රාථමික සත්කාරක සේවා මධ්‍යස්ථාන 12 ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවත් ප්‍රාථමික සත්කාරක සේවා මධ්‍යස්ථාන 12 ක් විවෘත කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

නොමිළයේ සෞඛ්‍ය සේවා ලබාගැනීමට අපහසු පවුල්වල සාමාජිකයන්ගේ මූල්‍ය පීඩනය අවම කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

හදිසි බාහිර ප්‍රතිකාර ඒකකවල පවතින දැඩි තදබදය අවම කිරීමද මෙහි ප්‍රධාන ඉලක්කයක් බව ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

Mildura, Sunbury & Bendigo යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිත නව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිකාර ඒකකද විවෘත කල පසු වික්ටෝරියාවේ එවැනි ස්ථාන 25 කදී ප්‍රතිකාර ගැනීමට ප්‍රාන්තවාසීන්ට අවස්ථාව උදාවනවා.

සතියකදී එක් ස්ථානයකින් රෝගීන් 300 කට පහසුකම් සැළසීමයි ඉලක්කය වී ඇත්තේ.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »