උතුම් සත්කාර්යයකට දායක වන්න ඔස්ට්‍රේලියාවේ ලාංකික ඔබටත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ කොස්ගම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙත් මංසල වැඩිහිටි රැකවරණ ව්‍යාපෘතියේ පළමු අධියර පසුගියදා විවෘත කෙරුණා.

ඉදිරි මාස 03 තුළදී නේවාසිකයන් පදිංචි කරවීම මීළග අපේක්ෂාව බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ලේකම් කාර්යාලය සමග එක්ව මෙම කටයුතු සිදුකිරීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුළ ලියාපදිංචි ආයතනයක් වන මනුසත් පදනම විසිනුයි මෙත් මංසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මනුසත් පදනම මෙන්ම මෙත් මංසල ව්‍යාපෘතියද, ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අමිල වීරසිංහගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.

මෙල්බන් මනුසත් සැඳෑව 2022-2023 මගින් උපයාගත් මුදල් සහ දානපතියන් විසින් දුන් මුදල් යොදාගනිමිනුයි මෙත් මංසල වැඩිහිටි රැකවරණ ව්‍යාපෘතියේ පළමු අධියර විවෘත කරනු ලැබුවේ.

ඒ සඳහා සහය වූ මෙල්බන් ඇතුලු සමස්ත ඔස්ට්‍රේලියාවාසී ලාංකිකයන් ප්‍රමුඛ ලෝකවාසී ලාංකිකයන්ට මනුසත් පදනම සිය කෘතඥතාවය පළකරනවා.

තවත් කාර්යයන් කිහිපයක් කිරීමට ඉතිරිව පවතින අතර ඒ සඳහා උපකාර කිරීමට කැමති අය හෝ වැඩිහිටියන්ට උදව් කරන්න කැමති අය වෙතොත් පහත දුරකථන අංක හෝ ඊ-මේල් ලිපිනය හරහා විමසීම් කල හැකියි.

අමිල වීරසිංහ – 03 9886 1910
ලලිත් ලීලාරත්න – 0401 586 573
දිනේෂ් පෙරේරා – 0478 804 952

Email – [email protected]

කොස්ගම ප්‍රදේශයේ පර්චස් 100 ක භූමි ප්‍රමාණයකයි මෙත් මංසල ව්‍යාපෘතිය ඉදි කරනු ලබන්නේ.

එහි ඉදිරි කටයුතු මෙහෙයවීම වෙනුවෙන් 12 දෙනෙකුගේ නියෝජනයක් සහිත මෙත් මංසල භාරය ද මේ වනවිට පිහිටුවා අවසන්.

මනුසත් පදනම විසිනුයි ඊට සහය දෙනු ලබන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »