ඔස්ට්‍රේලියාවේ වැඩිම සහ අඩුම ප්‍රවාහන වියදම් සහිත නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ පවුල් ප්‍රවාහනය සඳහා දිනකට සාමාන්‍යයෙන් ඩොලර් 59 ක් වැය කරන බව හෙළිවී තිබෙනවා.

සාමාන්‍ය පවුලක ප්‍රවාහන වියදම් මාර්තු කාර්තුවේදී 7.4 % කින් පමණ වැඩි වී ඇති බවයි ඔස්ට්‍රේලියානු ඔටෝමොබයිල් සංගමය සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සඳහා සාමාන්‍ය ප්‍රවාහන පිරිවැය දිනකට ඩොලර් 63.77 ක් වූ අතර ප්‍රාදේශීය කලාපවල එහි සාමාන්‍ය අගය ඩොලර් 53.60 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙය ප්‍රධාන නගරවල වසරකට ඩොලර් 23,213 ක් සහ ප්‍රාදේශීය කලාපවල වසරකට ඩොලර් 19,510 ක් පමණ වනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහනය සඳහා වඩාත්ම මිල අධිකම නගරය බවට සිඩ්නි නගරය වාර්තා වන්නේ දිනකට ඩොලර් 72.97 ක වියදමක් සමගිනුයි.

දෙවන ස්ථානයට මෙල්බන් නුවර පත්ව ඇති අතර එහි දිනකට ඩොලර් 71.82 ක් ප්‍රවාහනය සඳහා වියදම් වන බව හෙළිවී තිබෙනවා.

බ්‍රිස්බන් නුවර තුන්වන තැනට පත්වී ඇත්තේ දිනකට ඩොලර් 71.50 ක ප්‍රවාහන වියදමක් සහිතවයි.

ප්‍රවාහනය සඳහා ලාභදායකම ප්‍රධාන නගරය බවට හෝබාට් පත්ව ඇත්තේ දිනකට ඩොලර් 55.80 ක පිරිවැයක් සටහන් කරමිනුයි.

CREDIT – SBS

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »