Woolworths වෙළඳසැල්වල රාක්කවලට කැමරා 500 ක්

සිය වෙළඳසැල්වල රාක්කවල ඉතා කුඩා කැමරා 500 ක් ස්ථාපිත කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය සූදානම් වනවා.

පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිළදී ගන්නා ද්‍රව්‍ය සහ සන්නාමයන් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමයි එහි අපේක්ෂාව වන්නේ.

ඒ අනුව ඇතැම් ද්‍රව්‍ය රාක්කවල තැබිය යුතු සුදුසුම ස්ථාන කවරේද යන්න තීරණය කිරීමටද පහසුවනු ඇති බව Woolworths සුපිරි වෙළඳසැල් ජාලය අවධාරණය කරනවා.

කිසියම් භාණ්ඩයක මිළදී ගැනීම් ඉහළ අගයක පවතින විට රාක්ක හිස්ව නොතැබීමටද මේ හරහා වැඩි පහසුවක් හිමිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙමගින් කිසිදු පාරිභෝගිකයෙකුගේ ඡායාරූප ලබාගැනීමක් සිදු නොකරන බවටද Woolworths සහතික වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »