ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මුදල් සොරා ගත් සැකකරු අත්අඩංගුවට

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආධාර මුදල් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි සැකකරුට පොලිස් ඇප ප්‍රතික්ෂේප වී ඇති අතර අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම තැනැත්තා ඇඩිලේඩ් නගයේ ආගමික මධස්ථාන රැසක සිදුවූ කොල්ලකෑම්වලට සම්බන්ධ බවටයි.

මොහු පසුගිය මැයි 26 වන සිකුරාදා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් කොල්ල කා තිබූ මුදලෙහි වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් 3,000 කට ආසන්න බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඇඩිලේඩ් හි වෙනත් බෞද්ධ සිද්ධස්ථානයකින්ද මෙම තැනැත්තා ඩොලර් 800 කට ආසන්න මුදලක් පැහැරගෙන ගොස් තිබුණා.

සැකකරු චෝදනා 18 කට අදාළවයි අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන්නේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »