වසර 100 කට පසු Ballarat වැස්සෙන් වාර්තාවක්

වසර 100 කට පසු ජූනි මාසයේ දිනයක Ballarat නගරයෙන් වාර්තාවූ ඉහළම වර්ෂාපතනය ගතවූ පැය 24 තුළදී සටහන්වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග ඊයේ දිනයේදී Ballarat නගරයට ලැබී තිබූ වර්ෂාපතනය මිලිමීටර් 46.2 ක්.

මෙතෙක් ජූනි මාසයේ දිනයක එම ප්‍රදේශයට පතිත වී තිබූ ඉහළම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 29.7 ක් වාර්තා වි තිබුණේ 1923 වසරේදියි.

ඉදිරි දින 03 දීත් වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලට ධාරාණිපාත වර්ෂාපතනයක් මෙන්ම තද සුළං තත්වයක්ද අපේක්ෂා කෙරෙනවා.

සති අන්තයේ වික්ටෝරියා හි උපරිම උෂ්ණත්වය පවතිනු ඇත්තේ සෙල්සියස් අංශක 12 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »