රථවාහන මතුපිට කෘමි හානි වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියානු රියදුරන් නව උපක්‍රමයක

දීර්ඝ චාරිකාවල නිරතවීමේදී රථවාහන මතුපිට අපවිත්‍රවීම සහ විවිධ කෘමි සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රියදුරන් විසින් නව උපක්‍රමයක් අත්හදා බලා තිබෙනවා.

එළවලු තෙල් සහ ජලය මිශ්‍රකර සාදා ගන්නා දියරයක් වාහනය මතුපිට ගැල්වීම එම පහසු විකල්පය බව සඳහන්.

මෙමගින් කෘමි හානි මුලුමණින්ම නතර නොවන බවත් සැළකිය යුතු මට්ටමකට අඩු කරගත හැකි බවත් නව උපක්‍රමය අත්හදා බැලූ රියදුරන් විසින් පවසා තිබෙනවා.

මේ සඳහා වැයවන මුදල ඉතා සුලු අගයක්වීම ප්‍රධාන වාසියක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

කෙසේවෙතත් චාරිකාව අවසන් කර යළි නිවසට පැමිණි දිනයේදී හෝ පසු දිනයේදී වාහනය සෝදා පිරිසිදු කල යුතු බවයි රථවාහන විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

එසේ නොවුණහොත් වාහනයේ මතුපිට අපවිත්‍ර වී හානි සිදුවිය හැකි බවද ඔවුන් සඳහන් කරනවා.

SOURCE : https://7news.com.au/lifestyle/aussie-motorists-have-started-spraying-cooking-oil-on-their-cars-heres-why-c-10900729

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »