ශ්‍රී ලංකාවට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක් පමණක් දැවී පන්දු ඕවර 16කදී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56යි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඉතිරි වූ පන්දු සංඛ්‍යාව (204) අනුව ඇෆ්ගනිස්තානය ලැබූ විශාලතම එක්දින ජාත්‍යන්තර තරග පරාජය ලෙස මෙය ඉතිහාසගතවෙයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »