යුරෝපයේ සංචාරයට යන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අලුත් බලපත්‍රයක්

යුරෝපා සංගමයට අයත් රටවල් 30 ක සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්ලාභීන්ට ලබන වසරේ සිට නව බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් යුරෝපා සංචාරක තොරතුරු සහ අධිකාරී පද්ධති බලපත්‍රය හෙවත් ETIAS බලපත්‍රය ලබාගත යුතුයි.

යුරෝපා සංගමයට අයත් රටවලට පැමිණීමට වීසා අවශ්‍ය නොවන රටවල පුරවැසියන් හැර අනෙක් රටවල පුරවැසියන් විසින් ලබන වසරේ සිට මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය වනු ඇති.

යුරෝපා සංගමයට අයත් රටවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිවයි මෙම නව බලපත් ක්‍රමය හඳුන්වා දෙනු ලබන්නේ.

මෙම බලපත්‍රය අයදුම් කර උපරිම දින 04 ක් තුළදී එය ලබාදීම සිදුකෙරෙන බව සඳහන්.

අදාළ රටවල් 30 පහතින් – https://travel-europe.europa.eu/etias/who-should-apply_en#ETIAS-countries

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »