ඔස්ට්‍රේලියා නිවාසවල ඉතිරි කිරීම් වසර 15 කින් පහළම අගයට

මෙම වසරේ පළමු කාර්තුවේදී ඔස්ට්‍රේලියා ආර්ථිකය සියයට 0.2 කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයෙන් අවසන් වූ මාස 12 තුළ මෙරට ආර්ථික වර්ධනය සියයට 2.3 ක් ලෙස සටහන් වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් 2022 වසරේ අදාළ කාලසීමාව තුළ එය සියයට 2.7 ක් ලෙස පැවතුණා.

නිවාසවල ඉතිරි කිරීම් වසර 15 කින් පමණ පසු පහළම අගය ලෙස සියයට 3.7 ක් මෙහිදී සටහන් වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

ඉහළ පොළී අනුපාතිකයන් සහ ජීවන වියදමේ කැපී පෙනෙන වැඩිවීම මීට මූලික හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම ජනගහණය ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයද සියයට 0.2 කින් පහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »