ප්‍රධාන බැංකු පොළී ඉහළ දැමීම අරඹයි

ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීමට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිය නිවාස ණය පොළී අනුපාතය ලබන 20 වනදා සිට සියයට 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුව අද නිවේදනය කලේ.

කෙසේවෙතත් ඉතුරුම් ගිණුම් සඳහා පොලිය වැඩි කරන්නේද යන්න ඔවුන් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

මස 14 ක් තුළ 12 වන වරටත් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගනු ලැබුවා.

ඒ අනුව සියයට 3.85 ක්ව පැවති cash rate අගය සියයට 0.25 කින් වැඩි කෙරුණු අතර මේ වනවිට එය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.

2012 වසරෙන් පසු cash rate අගය සියයට 04 ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙයයි.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »