අසත්‍ය චෝදනාවකට වසර 20 ක් හිරේ සිටි ඔස්ට්‍රේලියා කත නිදහස්

ඔස්ට්‍රේලියාවේ දරුණුතම සමූල ඝාතක කාන්තාව ලෙස හඳුන්වනු ලැබූ කැත්ලීන් ෆෝල්බිග් සිරභාරයෙන් නිදහස් කර තිබෙනවා.

ඇයට චෝදනා එල්ලවී තිබුණේ සිය දරුවන් සිව්දෙනා වසර 10 ක කාලයක් තුළ ඝාතනය කළ බවටයි.

ඒ අනුව 2003 වසරේදී ඇයට වසර 25 ක සිරදඩුවමක් නියම වුණා.

කෙසේවෙතත් නව විද්‍යාත්මක සාක්ෂි අනුව නිගමනය කර ඇත්තේ එම දරුවන් ස්වාභාවික හේතු මත මරණයට පත්වී ඇති බවයි.

ජානමය ගැටලූවක් මත එම දරුවන් මරණයට පත්වී ඇති බව විද්‍යාත්මක කරුණු පදනම්ව හෙළිවී තිබෙනවා.

එම කරුණු සලකා බැලු ඔස්ට්‍රේලියානු අධිකරණයක් කැත්ලීන් ෆෝල්බිග් ට අද නිදහස ලබාදුන් අතර ඒ වනවිට ඇය වසර 20 ක් සිරගෙදර ගතකර තිබුණා.

දැනට 55 හැවිරිදි වියේ පසුවන කැත්ලීන් ගේ සිදුවීම සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ අසාධාරණම නඩු තීන්දුවක් ලෙසටයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »