ගතවූ වසර 05 දී ඔස්ට්‍රේලියා ජාතික අධ්‍යාපනය පහළට

ගතවූ වසර 05 තුළදී ඔස්ට්‍රේලියාවේ ජාතික අධ්‍යාපනය පහළගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

ජාතික ඵලදායිතා කොමිසම නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ ගුරුවරුන් සහ පාසල් නායකයන්ට වැඩි සහයක් හිමිවන වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවයි.

2018 වසරේදී ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් ඇතිකරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සාර්ථකත්වයක් ඇතිකරගෙන නොමැති බව මෙමගින් පැහැදිලි වන බවද එහි අන්තර්ගතයි.

මෙම වාර්තාවේ අඩංගු නිර්දේශ තමන් පිළිගන්නා බවත් හැකි ඉක්මණින් ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රාථමික සිසුන්ගේ කියැවීමේ හැකිාව මෙන්ම ගණිතමය කුසළතා පහළ ගොස් ඇති බවයි පසුගියදා නිකුත් වූ තවත් වාර්තාවක සඳහන් වූයේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »