නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු අපයෝජනයට ලක් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු අපයෝජනයට ලක් වේ.

Sixteen children allegedly sexually abused at NSW Mid-North Coast childcare centre.

ප්‍රධාන අන්තර්ජාල මාධ්‍ ජාලයක් පිළිබඳ පරීක්ෂණයක් මඟින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථානයක ළමුන් 16 දෙනෙකු හිටපු සේවකයෙකු විසින් ලිංගික අතවරයට ලක් කර ඇති බව හෙලි වී ඇත​.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) කියා සිටියේ මෙම මෙහෙයුම ළමා අපචාර​ ඉලක්ක කරගත් ඕස්ට්‍රේලියාවේ වඩාත්ම වැදගත් උත්සාහයන්ගෙන් එකක් වන අතර යුරෝපය, ආසියාව, එක්සත් ජනපදය, කැනඩාව සහ නවසීලන්තය යන රටවල බලධාරීන්ට උපදෙස් 146 ක් ලබා දී ඇති බවයි.

ළමා අපයෝජන චෝදනා 828 කට මුහුණ දී සිටින පුද්ගලයින් 14 දෙනෙකු AFP සහ NSW පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චූදිත වැරදිකරුවන්ට ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි පුළුල් පරාසයක පවතින අන්තර්ජාලයකට ළමා අපචාර තොරතුරු නිෂ්පාදනය කිරීම හා බෙදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

අවම වශයෙන් ළමුන් 46 ක් අපයෝජනයට ලක්ව ඇති අතර වයස මාස 16 සිට අවුරුදු 15 දක්වා වූ ළමුන් මේ සඳහා යොදා ගෙන ඇත​.

(ABCNews) (Image:AFP)

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »