මෙල්බන් භූ චලනය වසර 120 ක වාර්තාවක් බිඳහෙළයි

මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ඊයේ රාත්‍රියේ බලපා ඇත්තේ වසර 120 කට පසු හටගත් ප්‍රබලම භූ චලනය බව අනාවරණය වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 11.40 ට පමණ සන්බරි ආශ්‍රිතව හටගත් මෙම කම්පනය ප්‍රදේශ ගණනාවකට දැනී තිබුණා.

රික්ටර් මාපකයේ ඒකක 3.8 ක් ලෙස සටහන් වූ මෙම භූ චලනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 03 ක් පමණ ගැඹුරින් සටහන්වී තිබූ බවයි ඔස්ටේ්‍රලියානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කලේ.

මෙහි කම්පනය ටස්මේනියාවේ හෝබාර්ට් නුවරට පවා දැනී තිබූ බවටයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

මෙහිදී කිසිදු ජීවිත හාකියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති නමුත් ගොඩනැගිලි රැසක ඉරිතළා යෑම් සටහන්වී තිබෙනවා.

2021 වසරේදී රික්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්‍රබල භූ චලනයක්ද මෙල්බන් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 180 ක් පමණ දුරින් සටහන් වි තිබුණා.

කෙසේවෙතත් මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ප්‍රබලම භූ චලනයක් වාර්තාවී ඇත්තේ වසර 120 කට පසුවයි.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »