ඔස්ට්‍රේලියා ජනගහණය ලක්ෂ 12 කින් අඩුවන ළකුණු

POPULATION

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහණය අඩුවීම සහ වයස්ගත ජනගහණය වැඩිවීම සිදුවී ඇතැයි නවතම වාර්තාවක දැක්වෙනවා.

කොවිඩ් මරණ සංඛ්‍යාව පමණක් නොව සංක්‍රමණිකයන් පැමිණීම අඩුවීම මෙහි ප්‍රධානතම සාධකයක් බවට පත්වී ඇති බව සඳහන්.

කොවිඩ් තත්වය හමුවේ දේශසීමා වසා දමා තිබූ 2020-21 කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිවී ඇත්තේ සියයට 0.1 කින් පමණක් වන අතර ඒ අනුව සමස්ත ජනගහණය මිලියන 25.7 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

කෙසේවෙතත් දේශ සීමා යළි විවෘත කර සංක්‍රමණිකයන් පැමිණීම යළි ආරම්භවීමත් සමග ජනගහණ වර්ධනය සියයට 1.1 කින් ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

2018-19 කාලයේදී මෙරට ජනගහණ වර්ධනය සියයට 1.6 ක් වැනි ඉතා ඉහළ මට්ටමක පැවති බවද සඳහන්.

මෙම බලපෑම මධ්‍යයේ 2030-31 කාලයේදී අපේක්ෂිත ජනගහණය සියයට 04 කින් එනම් ලක්ෂ 12 කින් පමණ අඩුවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

පූර්ව අනාවැකි අනුව 2022-23 වසර සඳහා මෙරට ජනගහණ වර්ධන වේගය පවතිනු ඇත්තේ සියයට 1.4 ක් ලෙසයි.

එය 2020-21 කාලසීමාවට වඩා සියයට 0.1 ක වැඩිවීමක් වන නමුත් 2024-25 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියා ජනගහණය තරමක් අඩුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2032-33 කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 30 කට ආසන්න වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

2060 වසර වනවිට මෙරට සමස්ත ජනගහණය මිලියන 40 ක් පමණ වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර 2020-21 කාලසීමාවේදී 38.4 ක් ලෙස පැවති ඔස්ට්‍රේලියාවේ මධ්‍යයන වයස 2032-33 වසර වනවිට 40.1 දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

එනම් ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයේ ඉහළයාමක් එම කාලය වනවිට අපේක්ෂා කෙරෙනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »