2019 වසරේ සිට Sponsor Visa පැමිණිලි 3,000 ක්

විවිධ වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන් 252 දෙනෙකුට එරෙහිව පසුගිය මූල්‍ය වර්ෂයේදී පැමිණිලි ලැබී තිබෙනවා.

ඉන් 13 දෙනෙකුට එරෙහිව පමණක් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

2019 වසරේ සිට මේ දක්වා සේවා යෝජකයන් සහ අනුග්‍රහය සපයන්නන් සම්බන්ධයෙන් පැමිණිලි 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

දැනට සක්‍රීය අනුග්‍රාහකයන් 20,219 ක් අතුරින් 226 දෙනෙකුට එරෙහිව පමණක් ගතවූ මූල්‍ය වර්ෂයේදී නීතිමය පියවර ගෙන ඇති බව සඳහන්.

එය ඊට පෙර මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී සියයට 13 ක ඉහළයාමක් වනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »